top of page

Review: Luminar 2018 (සිංහල)

Updated: May 9, 2020



මේකත් lightroom වගේම post-processing software එකක්. හැබැයි මේකෙ තියෙන විශේෂත්වය තමයි, මේක නිකම්ම නිකම් Raw processing software එකක් නෙමෙයි. මේක ගොඩක් advanced editing software එකක්.

Luminar 2018 ක්‍රම දෙකකට භාවිතා කරන්න පුළුවන්. ඔබට පුළුවන් lightroom හෝ photoshop සමග plug-in එකක් හැටියට මේක භාවිතා කරන්න. එහෙමත් නැත්නම් වෙනමම software එකක් වගේ භාවිත කරන්නත් පුළුවන්.

Ai filter (New) Luminar 2018 එකේ තියෙනවා Ai ෆිල්ටර් එකක්. මේ tool එකෙන් ඔබේ ඡායාරූපය analyse කරලා තත්පර කිහිපහකින්, ඡායාරූපයට ගැලපෙන පෙනුමක් ලබා දෙනවා. මේ නිසා editing ගැන ආධුනිකයෙක්ට උනත් බොහොම ලේසියෙන් ඡායාරුපයක් සංස්කරණය කරන්න පුළුවන්.



RAW data processing මේක Lightroom වගේම RAW processing software එකක්. Lightroom, capture one වගේම Luminar 2018 වලත් ඔබේ RAW ඡායාරූප process කරන්න පුළුවන්.



Advanced Filters මේක තමයි වැදගත්ම දේ. Lightroom වල නම් අපිට ලැබෙන්නේ මුලික filters ප්‍රමාණයක්. ටිකක් advanced විදිහට edit කරන්න ඕනේ නම්, අපිට ඒ ඡායාරූපය Photoshop වල open කරගන්න වෙනවා.

හැබැයි Luminar 2018 වල Foliage Enhancer, Polarizing Filter, Remove, Color Cast, Orton Effect, Soft Focus, Soft Glow… වගේ creative filters 30කට වඩා තියෙනවා. 😁



Adjustment Layers

Luminar 2018 වල photoshop වල වගේ layers, blending modes භාවිත කරන්න පුළුවන් හැකියාවත් තියෙනවා. ඒ නිසා එකම filter එක උනත් කිහිපවතාවක් භාවිතා කරන්න පුළුවන්.


වැදගත්ම දේ තමයි මේ software එක අපිට මිලදී ගන්න පුළුවන්. Lightroom හෝ Adobe products භාවිතා කරද්දී තියෙන ලොකුම ගැටලුව තමයි Creative Cloud plans ලංකාවට support කරන්නේ නැති එක. මේ නිසා torrent පිහිට තමයි තිබ්බේ ගොඩක් ඡායාරූප ශිල්පීන්ට.


මේ වගේ තව අලුත් features ගොඩක් තියෙනවා #Luminar 2018 software එකේ. මේ software එකේ මිල $69ක් වෙනවා. හැබැයි පහල link එකට ගිහිල්ල coupon code එකට GANIDU කියල දුන්නම මේ software එක $49කට ගන්න පුළුවන්. 😁



953 views0 comments

Comments


© Ganidu Balasuriya
  • Grey Facebook Icon
  • Grey Instagram Icon
  • Grey YouTube Icon
  • Grey LinkedIn Icon
bottom of page