top of page
Writer's pictureGanidu Balasuriya

Luminar 4 - සිංහලෙන්

Updated: Dec 6, 2020


මොකද්ද මේ Luminar 4?


Luminar 4 කියන්නේ photoshop වගේම software එකක්. හැබැයි අවශ්‍ය නම් plugin එකක් හැටියටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ software එක භාවිතා කරන්න පහසුව නිසා මෑත කාලීනව ඡායාරූප ශිල්පින් අතර මේක ගොඩක් ජනප්‍රිය වුනා. විශේෂයෙන් Luminar සමඟ එන AI tools එක්ක සෑහෙන වෙලාවක් ගත වෙන edit එකක් උනත් තත්පර කිහිපයකින් කරගන්න පුළුවන් කමක් තියෙනවා.


ඒ විතරක් නෙමෙයි Luminar 4 එකේදී අපි import කරන ඡායාරූප බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන් වර්ෂ,මාස සහ දින අනූව පවා automatically සකස් වෙන නිසා. ඒ නිසා photo එකක් හොයාගන්න උනාම folders පෙරලා පෙරලා හොයන්න ඕනේ නෑ. ඒ ඔක්කොම Luminar 4 ඇතුළෙන්ම හොයාගන්න පුළුවන්.


Luminar 4 වලදී අලුතෙන් එකතු වුනේ මොනාද?


01. AI Sky Replacement


Machine learning technology එකත් එක්ක Luminar 4 එන නිසා අපිට බොහොම ලේසියෙන් ඡායාරූපයක අහස මාරු කරන්න පුළුවන්. කොච්චර ලේසිද කියනවා නම් එක click එකකකින් ඡායාරූපයක අහස මාරු කරන්න පුළුවන්.




02. AI Skin Enhancer


මේක තමයි Luminar 4 වල එන වැදගත්ම AI tool එක. මේ ටූල් එකෙන් පුළුවන් අපිට බොහොම ලේසියෙන් skin retouch එකක් කරගන්න. සාමාන්‍යයෙන් නම් බොහෝ ඡායාරූප ශිල්පීන් කරන්නේ frequency separation ක්‍රමයට skin retouch කරන එක. හැබැයි මේ ක්‍රමේ ටිකක් හුරු වෙනකම් ප්‍රයෝගිකව වැඩ කරන්න අමාරුයි. හැබැයි Luminar 4 වල AI Skin Enhancer tool එකෙන් අපිට පුළුවන් ඒ වැඩේම තත්පර කිහිපයකින් කරගන්න. සරලවම කරන්න තියෙන්නේ AI Skin Enhancer slider එක වැඩි කරන එක විතරයි.



03. Portrait Enhance


මේක තමයි Luminar 4 වල එන අනිත් වැදගත්ම ටූල් එක. මේකෙන් පුළුවන් තත්පර කිහිපයකින් ස්වභාවික පෙනුම ආරක්ෂා වෙන ආකාරයෙන් Portrait එකක් වැඩි දියුණු කරගන්න. උදාහරණයක් හැටියට ඔබට අවශ්‍යනම් ඡායාරූපයේ ඇස් යට තියෙන කළු පැල්ලම් ඉවත් කරන්න, photoshop වලට ගිහිල්ලා පැය ගානක් නාස්ති කරන්න ඕනේ නැහැ. Portrait Enhance එකේ එන Dark circles removal එකෙන් තත්පර 5කටත් අඩු කාලයකින් ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම,




  • Face light (මුහුණේ ආලෝකය වැඩි කරගන්න පුළුවන්)

  • Red eye removal (ඇස් වල තියෙන රතු ආලෝකය ඉවත් කරගන්න පුළුවන්)

  • Eye whitening (මේකෙන් පුළුවන් ඇස් වල සුදු කොටසේ පමණක් ආලෝකය වැඩි කරගන්න)

  • Eye enhancer (මේකෙන් පුළුවන් ඇස් වල කළු ඉංගිරියාවේ details විතරක් වැඩි කර ගන්න)

  • Slim face (මුහුණේ හැඩය කෙට්ටු කරගන්න තමයි මේ tool එක තියෙන්නේ)

  • Enlarge eyes (ඇස් වල විශාලත්වය වෙනස් කරගන්න පුළුවන් මේකෙන්)

  • Eyebrow improve (Eyebrow වල ආලෝකය මේකෙන් වෙනස් කරගන්න පුළුවන්)

  • Lips saturation (තොල් වල වර්ණ වැඩි කරගන්න තමයි මේ tool එක තියෙන්නේ. විශේෂයෙන් රතු නැතුව වෙනත් පාටක් තියෙන වෙලාවට)

  • Lips redness (තොල් වල රතු පැහැය ස්වභාවික පෙනුම ආරක්ෂා වන ආකාරයට වර්ණය මේකෙන් වැඩි කරගන්න පුළුවන්)

  • Lips darkening (මේකෙන් පුළුවන් තොල් වල ආලෝකය අඩු කරගන්න)

  • Teeth whitening (දත් වල දීප්තිමත් බව මේ tool එකෙන් වැඩි කරගන්න පුළුවන්)


04. Luminar Look


මේක instagram වල එන color profiles වගේ. එකේදී අපිට පුළුවන් බොහොම ලේසියෙන් ඡායාරූපයට color theme එකක් දාගන්න. කලින් Luminar වල මේක තිබුනත් මේ පාර ටිකක් වැඩි දියුණු කරලා තියෙනවා.



05. Color Styles Library (LUT Mapping)


Luminar 4 සමඟ අපිට පුළුවන් LUTS (Lookup Table) භාවිතා කරන්නත්. එහෙම නැත්නම් කලින් සකස් කරන ලද color profiles. විශේෂයෙන් cinematic පෙනුමක් ගන්න අවශ්‍යය නම් අපිට පුළුවන් LUT එකක් භාවිතා කරන්න.



Luminar 4 වල මේ tools එක්ක අපිට හම්බෙන වාසි මොනවාද?


01. අමාරුවෙන් mask/selection දාගෙන process කරන වැඩ ටිකට AI tools වලින් ඉක්මනට සහ හරියටම කරගන්න පුළුවන්


02. අඩු වැඩි කරන්න පුළුවන් sliders නිසා retouch එකක් කරගන්න යන වෙලාව සෑහෙන අඩු වෙනවා


03. Accent AI Filter එකෙන් බොහොම ලෙසියෙන් RAW ඡායාරූපයක් process කරගන්න පුළුවන්.


04. Interface එක සරල නිසා ලොකුවට editing ගැන දැනුවත් නැති කෙනෙක්ට උනත් බොහොම

ලේසියෙන් retouch එකක් කරගන්න පුළුවන්.


05. තනි software එකක් වගේම සහ plugin එකක් විදිහටත් භාවිතා කරන්න පුළුවන් නිසා Adobe Photoshop, Lightroom වගේ software එක්ක උනත් භාවිතා කරන්න පුළුවන්.


මෙතනින් පුළුවන් Luminar 4 වල දවස් 7ක trial එකක් download කරගන්න.


මේ software එක ලංකාවට මිලදී ගන්න පුළුවන් ද?

  • ඔව්.


Luminar 4 මිල කීයද?

  • USD 89 වෙනවා ඔබ පළවෙනි පාරට නම් Luminar මිලදී ගන්නේ. (Promo code එකට GANIDU දුන්නහම USD 79යි)

  • USD 69 කට මිලදී ගන්න පුළුවන් මීට කලින් Luminar 3 හෝ Luminar 2018 භාවිතා කරපු කෙනෙක් නම්. (Promo code එකට GANIDU දුන්නහම USD 59යි)


Luminar 4 වලටත් කලින් දුන්න USD 10 discount එකම ගන්න පුලුවන්ද?

  • පුළුවන්. Luminar මිලදී ගනිද්දී promo code එකට GANIDU කියල දුන්නහම USD 10ක discount එකක් ඕනෑම කෙනෙක්ට ගන්න පුළුවන්. (2019 නොවැම්බර් 18 සිට)

607 views1 comment

Recent Posts

See All

1 Comment


Unknown member
Sep 24, 2021

Great post thank you

Like
© Ganidu Balasuriya
  • Grey Facebook Icon
  • Grey Instagram Icon
  • Grey YouTube Icon
  • Grey LinkedIn Icon
bottom of page