top of page
Writer's pictureGanidu Balasuriya

Photos Backup කරන්න තියෙන හොඳම ක්‍රමය මොකද්ද?

Photographer කෙනෙක්ට තියෙන වටිනාම වත්කම සහ වගකීම තමයි තමන් ගන්න ඡායාරූප. විශේෂයෙන් රැකියාවක හැටියට ඡායාරූපකරණය කරන අයට.


මොකද අපි භාර ගන්න එක photo shoot එකක හරි එක photo එකක් හරි ඩිලීට් වුනොත් බරපතළ නීත්යානුකූල ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙන හින්දා.


මේ හින්දා විශේශයෙන් රැකියාවක් ලෙස ඡායාරූප කරණයේ නිරත වෙන ඡායාරූප ශිල්පීන් තමන් සිදු කරන photo shoot හැම තිස්සෙම විවිධ ක්‍රම වලට backup කරනවා.


මේ ලිපියෙන් අපි බලමු photos backup කරන්න තියෙන හොදම ක්‍රම මොනවද කියලා.



01. External hard Drive




ඡායාරූපශිල්පීන් අතර සුලභවම භාවිතාවන ක්‍රමය තමයි portable hard drives වල photos බැකප් කරන එක. හැබයි ඉතින් මේ ක්‍රමයනම් එච්චර ආරක්ෂාකාරී ක්‍රමවේදයක් නෙවෙයි.


මොකද portable hard drive ඇතුළෙ තියෙන්නෙත් එක්කො desktop නැති නම් ලැප්ටොප් hard drive ම තමයි. කොයි වෙලාවක හරි drive එක fail උනොත් ඇතුළෙ තියෙන data ඔක්කොම නැතිවෙනවා සහ තිබ්බ files recover කර ගන්න ලොකු වියදමක් දරන්න වෙනවා.


මේ සඳහා දරන්න වෙන වියදමත් රටේ තියෙන ඩොලර් ප්‍රශ්නෙත් එක්ක දවසින් දවස වැඩි වෙනවා. 2021 රු 15,000 ට තිබ්බ 2TB external drive එකක් මේ වන විට රුපියල් 26,000 ක් පමණ වනවා.



02. Cloud Backup



ඡායාරූප ශිල්පීන්ට තියන ඊළඟ ඔප්ෂන් එක තමයි, cloud service එකක Photos බැකප් කරන එක. මේකත් ඉතා සාර්ථක ක්‍රමයක්. මොකද data වල ආරක්ශිත භාවයට කිසිදු ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. හැබයි, මේ සඳහා සැළකියයුතු වියදමක් දරන්න සිදුවෙනවා.


පහතින් තියෙන්නෙ cloud service වල storage සඳහා මිල ගනන්. මීට අමතරව high speed internet connection එකක් තිබිමත් අනිවාර්යය වනවා. නැතිනම් අවශ්‍ය වේලාවට ඩේටා වලට access කරන්න බැරි වෙන්න පුළුවන්.


Service provider

50GB

100GB

200GB

1TB

2TB

​Google Photos

-

Rs.3,050/ year

Rs.4,750/ year

-

Rs.15,250/ year

iCloud

Rs. 350/ month

-

Rs. 1090/ month

-

Rs.3,646/ month

Microsoft

-

Rs.699/ month

-

Rs. 1,299/ month

-

*Exchange rate: USD 1 = LKR 365 (30/05/2022)


මීට අමතරව Adobe photography plan එකත් සමග 20GB storage එකක් USD 9.99/ monthly ගන්න පුළුවන්. නැත්නම් Adobe full collection එකත් එක්ක 1TB storage එකක් USD 54.99/ monthly ගන්න පුළුවන්.



03. NAS (Network Attached Storage)



වියදමයි ආරක්ෂාවයි 2කටම හොද තව ක්‍රමයක් තමයි තමන්ගෙම NAS system එකක් හදා ගන්න එක. Personal NAS එකක් හදන්න ටිකක් ලොකු ප්‍රාග්ධන වියදමක් දරන්න වෙනවා. හැබැයි කල්පැවැත්ම සහ දීර්ඝකාලීන ප්‍රතිලාභ අතින් වඩාත් ම සුදුසු වන්නේ personal NAS එකක් හදා ගන්න එක.



මේ වගේ සිස්ටම් එකක storage එක තමන්ගේ අවශ්‍යතාවය අනුව ඕන වෙලාවක වැඩි කරගන්න පුළුවන්. Synology වගේ සිස්ටම් එකක RAID ක්‍රම භාවිතා කරලා එකම hard drive එක තවත් hard drive එකකට හෝ කිහිපයකට automatic backup වන සිස්ටම් එකක් හදාගන්න පුළුවන්.




ඒ නිසා hard drive එකේ Data loss වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. මොකද එක hard drive එකක් fail උනොත් අනිත් hard drive එකේ back up එකක් තියෙන නිසා.


Synology වල UI එකත් user friendly හින්දා ඕනෑම කෙනෙක්ට ලේසියෙන් තමන්ගේ files වලට access කරන්නත් පුළුවන්.


RAID ක්‍රමවේද ගැන වැඩිපුර දැනගන්න මේ link එකට යන්න.


මුලින් සඳහන් කරා වගේ Personal NAS එකක් හදාගන්න මූලික වියදමක් දරන්න වෙනවා.




Synology DiskStation DS220+ 2-Bay NAS Enclosure එක USD 299.99 ක් වෙනවා. මේකේ එන්නේ DiskStation එක විතරයි. NAS එකට ඕන Hard Drive වෙනම ගන්න ඕනේ.



Seagate IronWolf 10TB එක NAS Internal Hard Drive එකක් USD 240ක් වෙනවා. RAID කරද්දී එකම capacity තියෙන HDD 2ක් තමයි භාවිතා කරන්න ඕනේ. (4 bay DiskStation එකක් නම් HDD 4ක්).


Hard Drive වල capacity එක තමන්ගේ අවශ්‍යතාව අනූව තීරණය කරන්න පුළුවන්.



එහෙම බැලුවම ආසන්න වශයෙන් 20TB storage (10TB Backup Drive) එකක් හදාගන්න LKR 300,000 ක් වගේ යනවා. බැලුව ගමන් ටිකක් ලොකු ගානක් වගේ දැනුනට files backup කරන්න භාවිත කරන අනිත් ක්‍රමත් එක්ක බැලුවම දීර්ඝ කාලීනව වඩාත් හොඳම ක්‍රමය තමයි මේක.


මීට අමතරව වෙනත් ක්‍රම ඔබ භාවිතා කරනවා නම් පහළින් comment කරන්න අනිත් අයටත් දැනගන්න.


ලිපිය වැදගත් වුනා නම්, පහල තියෙන ♥ එක press කරල, අනිත් අයටත් කියවන්න share කරන්න.



541 views0 comments

Recent Posts

See All

Comments


© Ganidu Balasuriya
  • Grey Facebook Icon
  • Grey Instagram Icon
  • Grey YouTube Icon
  • Grey LinkedIn Icon
bottom of page