2019 October
මුලින්ම කියන්න ඕනෙ මේක මුල සිට අගට හොඳින් සැලසුම් කරපු ඡායාරූපයක්. සූර්යග්‍රහණය ගැන මුලින්ම මම දැනගත්තෙ ඔක්තෝබර් මාසයේ. මම කරපු පළවෙනි දේ තමයි ලෝකයේ අනිත් ඡායාරූපශිල්පීන් කොහොමද නිවැරැදි ආකාරයෙන් සූර්යග්‍රහණයක් ඡායාරූප ගත කළේ කියල හොයල බලපු එක.
ඊළඟට මම කළේ ලංකාවේ අපිට පේන සූර්යග්‍රහණය හසු කරගන්න පුළුවන් හොඳම ස්ථානය මේ map එකෙන් හොයා ගත්ත එක. ඒඅනුව මගෙ පළමු සහ එකම තෝරා ගැනීම වූයේ යාපනයෙ සංගුපිඩ්ඩි පාලම. මොකද මීට කළින් 2016 වර්ෂයේ මම එම ස්ථානයට ගිහින් තියෙන නිසා මම හිතුව හොදම පසුබිමක් සහිත සූර්යග්‍රහණයේ ඡායරූපය හසුකර ගන්න තියෙන හොදම ස්නය මෙය බව.
2019 November
ඊලඟට තිබ්බ ගැටළුව තමයි මෙම ඡායාරූපය ගන්න උපකරන තෝර ගන්න එක. මම විස්තර හොයද්දී හැමතැනම තිබ්බේ අඩුම 400mm focal length එකක් තියන lens එකක්වත් අවශ්‍යයි කියලා. නමුත් අවාසනාවකට මට තිබ්බේ උපරිම focal length එකත් 135mm. එකත් මගේ කළින් කැමරාවේ kit lens එක.
ඊලඟට තිබ්බ ගැටළුව තමයි සූර්යග්‍රහණය ඡායාරූපගත කරන්න නම් solar filter එකක් අවශ්‍ය වීම. solar filter මිළෙන් අධික වීම සහ නැවතත් සූර්යග්‍රහණයක් එන්නේ 2031 වීම නිසාත් මුලින්ම මම හිතුවෙ මෙය ඡායාරූප ගතකරන එක නවත්තන්න.
ඔය අතරතුරදී තමයි cameralk ආයතනයට ගිය වෙලාවක ඔවුන් ඉවත් කරපු filters තොගයක් නොමිළේ ගෙනි යන්න පෙට්ටියකට දාලා තිබ්බේ. එතනින් මම variable ND filter එකක් අරන් ආවේ අඩුම තරමේ ND filter එකක්වත් දාල මේ ඡායාරූපය ගන්න පුළුවන් වෙයි කියලා හිතලා.
2019 December
දැන් මගෙ ළඟ පරණ Canon 70D කැමරාවයි, 135mm lens එකයි, Sony A7R ii එකයි, 16-35mm wide lens එකයි, Variable ND filter එකයි තියෙනවා.
මීළඟට ආපු තවත් ගැටලුවක් තමයි සූර්යග්‍රහණයේ ඡායාරූප ගනිද්දි solar filter නැතිව ගත්තොත් කැමරාවේ sensor එකට damage වෙන්න පුළුවන් කියන එක. ඒහින්දා දෙසැම්බර් 25වෙනිදා මම කලේ VND එක දාල ඉරේ සාමාන්‍ය ඡායාරූප කිහිපයක් ගත්තා. ඒ වෙලාවෙ කිසි ගැටළුවක් ඇති වුණේ නැහැ.
2019 December 26
මේ ඡායාරූපය සඳහා මම මුල ඉදන්ම සැළසුම් කළේ sequence වර්ගයේ සූර්යග්‍රහණ ඡායාරූපයක් ගන්න එක. එහෙම නැත්නම් සූර්යග්‍රහණයේ මුලසිට අගට ඡායාරූප ගතකරන එක.
26 උදේම මම ගිහිල්ල කළේ ඡායාරූපය ගන්න හොඳ foreground එකක් හොයා ගත්ත එක. ඊළඟට මම කලේ සූර්යයාගේ ගමන් මාර්ගය Sky Guide කියන app එක භාවිතා කරල මගේ ලොකේෂන් එකේ ඉඳන් සූර්යග්‍රහණය පෙනෙන ආකාරය phone එකෙන් screenshot එකක් ගත්ත එක. මේක ගත්තෙ post process එකේදී සූර්යයාගේ ගමන් මාර්ගය නිවැරදිව ලබාගන්න අවශ්‍ය නිසා.
ඡායාරූපය සදහා frame එක හදා ගනිද්දී තිබ්බ ගැටළුව තමයි 135mm lens එක විතරක් බාවිතා කරලා ඡායාරූප ගත්තොත් ලැබෙන්නෙ සූර්යග්‍රහණයේ සමීප ඡායාරූප විතරක් වෙන එක හෝ 16-35mm lens එක බාවිතා කරොත් perspective එක නිසා ඉර බොහොම පොඩියට පේන එක.
ඒ නිසා මුලින්ම කළේ පසුබිම් ඡායාරූපය උදේ ඉරපායන වෙලාවට Sony A7R ii කැමරාව සහ 16-35mm wide lens එක භාවිතාකරලා ඡායාරූප ගත කරපු එක. මේ ඡායාරූපය තමයි මගේ අවසාන ඡායාරූපයේ පසුබිම සඳහා භාවිතා කෙරේ.
ඊළඟට මම කළේ උදේ 8.15 ඉඳන් උදේ 11 පමණ වෙනකන් සම්පුර්ණ සූර්යග්‍රහණයේ සමීප ඡායාරූප canon 70 කැමරාව සහ 135mm lens එක භාවිතා කරමින් ගත්ත එක.
ඡායාරූප ගන්න මම විනාඩි 10ක timer එකක් හදා ගත්තා phone එකෙන්. එතකොට මට පුලුවන් එකින් එකට වෙනස් සුර්යයාගේ ඡායාරූප එක ම කාල පරතරයක් තුල ඡායාරූප ගත කරන්න.
සමීප ඡායාරූප ලබා ගන්න ISO අගය 100 ලෙස තබා ගත්තා. නමුත් f අගය සහ shutter speed එක විවිධ අවස්ථාවල දී අඩුවැඩි කරගත්තා ඉරඑළිය අනුව. Focusing එක automatic තියාගත්තා.
එත් එක්කම මතක් කරන්න ඕනෙ, සූර්යයාගේ ගමන් මාර්ගය නිරීක්ශණය කරන්න මාත් එක්ක ආපු මාගේ යාලුවෙක් (දිල්රු කේෂාන්) ගෙනාපු No.10 Welding Safety Glasses එකක් භාවිතා කරා. මොකද මොන දේටත් වඩා අපේ ඇහැ පරිස්සම් කරගන්න ඕන හින්දා.
Post Production
මුලින්ම මං කළේ background එක සඳහා ලබාගත්ත ඡායාරූපය සහ සූර්යයාගේ ගමන් මාර්ගය සඳහා screenshot එකක් හැටියට ගත් ඡායාරූප එක උඩ තියල process එකේ ඉදිරි වැඩකටයුතු සඳහා සූර්යයාගේ ගමන් මාර්ගය නිවැරදිව සටහන් කරගත්ත එක.
ඊළඟට සරළවම කරේ සූර්යග්‍රහණයේ සමීප ඡායාරූප කලින් සකස් කර ගත්ත ගමන්මාර්ගය උඩින් නිවැරැදිව place කර ගත්ත එක.
ඊළඟට මම කරේ සූර්යග්‍රහණයේ සමීප ඡායාරූපවල blending mode එක screen වලට මාරු කර ගත්ත එක. එතකොට සූර්යග්‍රහණයේ සමීප ඡායාරූපවල අඳුරු කොටස ඉවත්වෙලා සූර්යා පමණක් සූර්යග්‍රහණයේ ගමන් මාර්ගයේ පේනවා.
ඔය තමයි මං ගත්ත ඡායාරූපයෙ මුල ඉඳන් අගට විස්තරය. ලිපිය වැදගත් උනානම් පහලින් comment එකක් දාලා පහල තියෙන ❤ ලකුණ press කරලා, අනිත් අයටත් කියවන්න share කරන්න.
Comments